රේගුවට වැඩිම ආදායම ගිය වසරේ රු. බිලියන 970 ක්

49

ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම 2023 වර්ෂයේදී උපයා ඇති අතර එය රුපියල් බිලියන 970 ක් වේ.

ශ්‍රී ලංකා රේගුව විසින් මීට පෙර එකතු කළ වැඩිම ආදායම 2018 වසරේ උපයා ඇති අතර එය රුපියල් බිලියන 923 ක් යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

2023 වසරේ මුදල් අමාත්‍යාංශය විසින් රේගුවට රුපියල් බිලියන 1217 ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබුණු අතර රටේ පැවැති අයහපත් මූල්‍ය වාතාවරණය මත පසුව එම ඉලක්කය රුපියල් බිලියන 893 ක් දක්වා සංශෝධනය කර තිබුණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment