පළමු වරට ගොවි මැයි රැලියක් ඇඹිලිපිටියේදී

26

මෙරට ගොවීන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා ඇඹිලිපිටියේ ද දිවයිනේ මුල් වරට ගොවි මැයි දිනයක් පැවැත්වේ. මෙම මැයි පෙළපාලිය අද ඇඹිලිපිටිය නගරයේ දී පෙරවරු 10ට පැවැත්වීමට නියමිතය.

ඇඹිලිපිටිය උඩගම වාපී උද්‍යානය අසලින් ආරම්භ වන ගොවි මැයි පෙළපාලිය ඇඹිලිපිටිය නගරයට පැමිණ කාවන්තිස්ස විහාරස්ථානය අසලදී රැලිය පැවැත්වේ.

මෙම අවස්ථාවට ආදිවාසීන් ද සහභාගි වනු ඇත.

වලව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය මගින් මෙය සංවිධානය කරනු ලබයි. දිවයිනම ආවරණය වන පරිදි ගොවි නායකයන් මෙන්ම ගොවීන් විශාල පිරිසක් මෙම මැයි රැලියට පැමිණෙන බව සංවිධායකයෝ කියති.

ඕමල්පේ-ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment