පැල්වත්ත සීනි කර්මාන්තායතනයට වසර 35ක් සපිරේ

330

පැල්වත්ත සීනි කර්මාන්තශාලාව ආරම්භ කොට වසර 35 පිරීම සහ රජයට පවරාගෙන වසර 10 පිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් පැල්වත්ත සීනි කර්මාන්තශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි.

මෙම සැමරුම් උත්සවයේදී කළමනාකාරීත්වයට, සියලූ සේවක සේවිකාවන්ට සහ ගොවීන්ට සෙත්පතා පරිත‍්‍රාණ ධර්ම දේශනාවක්ද, පසුදින මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක්ද පැවැත්විණි. ඊට සමගාමීව හඳපානාගල ළමා නිවාසයේ නේවාසික දරු දැරියන්ට ඇඳුම් පැළඳුම් ආහාර පානාදිය ඇතුළු ක‍්‍රීඩා උපකරණ බෙදාදීමක්ද සිදුකෙරිණි.

1986 වර්ෂයේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ ආරම්භ කෙරුණු මෙම කර්මාන්ත ශාලාව පෞද්ගලික සමාගමක් ලෙස ක‍්‍රියාත්මක වූ අතර 2011 වර්ෂයේදී එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා විසින් රජයට පවරා ගන්නා ලදි.

දැනට මෙම ආයතනයේ සේවක සේවිකාවන් පන්දහසක් පමණ සේවය කරන අතර ගොවි පවුල් තිස්දහසකට පමණ ජීවනෝපාය සලසාදෙනු ලබයි. මෙම සැමරුම් උත්සවය පැල්වත්තේ ඒකකයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සවය ආරම්භයේදී ආයතනයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් උත්තමාචාර පෙළපාලියක්ද පවත්වන ලදී.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment