දින 12 කිරිකැටියා ත්‍රිරෝද ගාලේ

279


තලවකැලේ හින්දු කොවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුල බිලිදියක් අතහැර දමාගොස් තිබියදි ඊයේ (08) දින අලුයම 5.45 ට පමණ සොයාගෙන එම බිලිදිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දුන් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.
ත්‍රිරෝද රථය දිනපතා කොවිල අසල ගාල් කර තැබෙන බවත් නගරයේ පිරිසිදු කිරිමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුල කුඩා දරුවෙකු හඩන ශබ්දය ඇසි ඒ පිලිබදව සොයා බැලිමේදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක ඒ පිලිබදව තලවකැලේ පොලිසිය දැනුවත් කර ඇත.
දින 12 ත් -14 පමණ වයසැති බිලින්දිය මනා ශරිර සෞඛ්‍යයකින් සිටින බවත් එම බිලිදියට තලවකැලේ පොලිස් නිලධාරිනියෙකුගෙන් මව් කිරි ලබා දි එම බිලින්දිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

advertistmentadvertistment
advertistmentadvertistment