ප්‍රජාතන්ත්‍රවාදී රටක හමුදා උසාවි තිබිය නොහැකිලු

217

ශිෂ්ට සම්පන්න ජාතියක් සිටින සහ ‍රජාතන්ත්‍රවාදී රටක හමුදා උසාවි තිබිය නොහැකි බව මුතාහිද ක්වාම් සංවිධානයේ නායක අල්තාෆ් හුසේන් සිය ට්විටර් ගිණුමේ වෙයි පණිවිඩයක් තබමින් සඳහන් කරයි. පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මෙම පණිවිඩය සිය ට්විටර් ගිණුමෙහි තබා ඇත. පාකිස්තානයේ පවතින තත්වය නොදැනුන කුමන්ත්‍රණයක් ලෙස ඔහු සඳහන් කරයි. එරට තරීක් ඉන්සාෆ් පක්ෂයට අයත් දේශපාලන නායකයින් නිලධාරීන් ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන්ට එරෙහිව නඩු විභාග සිදු කරනු ඇතැයි පකිස්ථාන මාධ්‍ය සඳහන් කරයි. මෙම පුවත සත්‍ය නම් එය විශ්මය ජනක බව ද ඔහු පවසයි. පකිස්ථාන හමුදාව වසර 50ක් සෘජුවම රට පාලනය කළ අතර ඉතිරි වසර 25 සිවිල් පාලනය ව්‍යාජ සංදර්ශනයක් විය. මන්ද යත් එම පාලනය පිටුපසද සිටියේ හමුදාවය .පකිස්තාන හමුදාවේ විනෝදාංශය කුමන්ත්‍රණ කිරීම බව ද අල්තාෆ් හුසේන් වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment