වියට්නාමයේ නගරයක් අගුලු දැමීමෙන් ගෝලීය කෝපි සැපයුමට බාධා

289

ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ පැතිරීමත් සමගම වියට්නාමයේ විශාලතම නගරය වන ‘‘හෝ චිං මිං’’ හෙවත් ‘‘සයිගොන්’’ නගරය දැඩි සේ අගුලු දමා තිබීම හේතුවෙන් ගෝලීය කෝපි සැපයුම අඩු වීමේ අවදානමක් පවතින බව වාර්තා වී තිබේ. ඩෙල්ටා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර පැතිරීම හේතුවෙන් ගෝලීය කෝපි අපනයන පුරවරය ලෙස සැළකෙන ‘‘හෝ චිං මිං’’ නගරය දැඩි සංචරණ සීමා සහිතව අගුලූ දැමීමට වියට්නාම් බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

 ලොව පුරා ජනප‍්‍රියව පවතින ක්ෂණික කෝපි නිපදවීම සඳහා යොදා ගනු ලබන තිත්ත රසැති ‘‘රෝබස්ටා’’ කෝපි ඇට සහ ‘‘එක්ස්ප්‍රෙසෝ’’ වර්ගයේ කෝපි නිෂ්පාදන වර්ග කිහිපයක් නිපදවන ප‍්‍රමුඛ පෙළේ රට සේ සැළකේ. වත්මන් අගුලූ දැමීම හේතුවෙන් හෝ චිං මිං නගරයේ සිටින කෝපි අපනයනකරුවන්ට කෝපි ඇට ඇතුළු සිය නිෂ්පාදනයන් ලොව පුරා රටවලට බෙදා හැරීම සඳහා වරාය වෙත ගෙන යෑම අසීරු වී තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසරේදී ‘‘රෝබස්ටා’’ කෝපි ඇටවල තොග මිල සියයට 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment