රේගු වෘත්තීය ක්‍රියා පිට දමා පිටකොටුවේ මුදලාලිලා පිරිසක් බඩු මිල ඉහළ දැමීමේ සූදානමක්

59

රේගු නිලධාරි සංගමයේ සභාපති

රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවූ බව පවසමින් පිටකොටුවේ කූට වෙළෙඳුන් කිහිපදෙනකු අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළ දැමීමට උත්සාහ කරන බවත්, වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම භාණ්ඩ නිදහස් කිරීමට බාධා නොවූ බවත් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා දිවයිනට ඊයේ (24 දා) පැවැසීය.

රේගු නිලධාරීන් දින පහක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුවත් එය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව පැවැසූ ඒ මහතා, වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූ දිනවල කර්මාන්ත ශාලා බහාලුම්වල යම් ප්‍රමාදයක් වුවත් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ බහාලුම් වෙනදටත් වඩා ඉක්මනින් මුදාහැරීම සිදුකළ බව ද කියා සිටියේය.

සාමාන්‍ය දිනවල තෝරා ගැනීමකින් තොරව සාමාන්‍ය පරිදි බහාලුම් නිදහස් කිරීම සිදුකළත්, වෘත්තීය ක්‍රියාමාර්ග සිදුවූ දිනවල ආහාර සහ ඖෂධ බහාලුම් තෝරාගෙන නිදහස් කිරීම සිදුකළ බවත් ඔහු කීය. එවැනි තත්ත්වයක් පැවැති නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් භාණ්ඩවල මිල ඉහළ දැමීමක් කළ නොහැකි බව ද ඔහු පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment