ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම දික් කරයි

57

ලොකු ලූනු අපනයනය තහනම් කරමින් ඉන්දියාව පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එම තහනම මෙම මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.

මිල ඉහළ යෑම පාලනය කිරීමට සහ වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යෑමේ අරමුණින් ඉන්දීය රජය එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ලොව ප්‍රධානතම ලොකු ලූනු අපනයනකරු බවට පත්ව සිටින්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවද ප්‍රධාන වශයෙන් ලොකු ලූනු ආනයනය කරන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීමත් සමග දේශීය වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 800ක් පමණ මිලකට ඉහළ ගියේය. ඉන්දීය රජය ලොකු ලූනු අපනයන තහනම දීර්ඝ කිරීම හේතුවෙන් එළඹෙන උත්සව සමයේ නැවත වරක් තමුන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව මෙරට ලොකු ලූනු ආනයනකරුවෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment