තරුෂි අභිෂේකා අවසන් තරගයට

366

21 වැනි ආසියානු කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී දැන් ක්‍රියාත්මක 21 වැනි ආසියානු කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා

තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (24) තරුෂි අභිෂේකා කාන්තා මීටර් 800 ජවන ඉසව්වේ තීරණාත්මක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.

මිනිත්තු 2.10.46 ක තරග කාලයක් සටහන් කරමින් තමා සහභාගි වූ මීටර් 800 මූලික ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත් තරුෂි අභිෂේකා අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසාන තරගයට සුදුසුකම් ලබා සිටින සෙසු ක්‍රීඩිකාවන් අතරේ ද තෙවන ස්ථානය තහවුරු කර ගනිමිනි. මූලික වටයේ දී වාර්තා කළ කාලයට වඩා ඇයගේ පෞද්ගලික හොඳම කාලය ඉහළින් තිබෙන බැවින් මෙවර අවසාන තරගයේදී පදක්කමක් කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කර ගත හැකිය.

පළමු මූලික වටයට තරග වැදුණු තරුෂි අභිෂේකා එහිදී තෙවැනි ස්ථානය හිමි කර

ගනිමින් අවසන් තරගය සඳහා තම ස්ථානය තහවුරු කර ගැනීම කැපී පෙණුනි.

පිරිමි මීටර් 100 මූලික තරගයට සහභාගි වූ මෙරෝන් විජේසිංහට හිමිවූයේ සිව් වැනි ස්ථානයයි. තත්පර 10.81 ක් වූ එම දක්ෂතාවය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් විය.

අද (25) දෙවන දින තරග ඉසව් ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment