පකිස්ථානයේ සිරකරුවන් පිරිසක් පලා යති

549

පකිස්ථානයේ කයිබර්පක්තුන්කවා හි බන්ධනාගාරයෙන් සිරකරුවන් 15ත් 20 ත් අතර සිරකරුවන් පිරිසක් පලා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.හජ් උත්සවය වෙනුවෙන් යාඥා කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් බැරැක් වලින් ඉවතට යන විට සිරකරුවන් ඔවුන්ට පහරදී පලා ගොස් ඇතැයි එරට පොලිසිය පවසයි. පලා ගිය සිරකරුවන් ජේලර් වරුන්ගේ ගිනි අවි ද රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙසේ පලා ගිය සිරකරුවන් අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාර ගත කර සිටි අය බව බැරැක්ක ප්‍රධානී සදහන් කරයි. මොවුන් ජේලර් වරුන්ගේ ගිනි අවි වලින් වෙඩි තබමින් ප්‍රධාන දොරටුවෙන් පලා ගොස් ඇතැයි ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment