හැරී පොටර් මන්දිරය රුසියන් ප්‍රහාරයකින් විනාශ වේ

730

‘හැරී පොටර් මන්දිරය’ ලෙස හැඳින්වෙන යුක්‍රේනයේ ප්‍රකට ‘ඔඩෙසා’ වරායේ පිහිටි අධ්‍යාපන ආයතනයකට රුසියාව විසින් ඊයේ (30දා) එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් තවත් 32 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි මෙම ප්‍රහාරයෙන් හැරී පොටර් මන්දිරය විනාශ වී ගොස් තිබේ. මෙම රුසියානු මිසයිල ප්‍රහාරයෙන් මිය ගිය පස් දෙනා අතර සිවු හැවිරිදි ළමයකු හා ගැබිනි කාන්තාවක්ද සිටින බව වාර්තාව තිබේ. මෙම මිසයිල ප්‍රහාරය එල්ල වීමත් සමගම අදාළ අධ්‍යාපන ආයතනයේ සිටි වියපත් පුද්ගලයෙකු ආඝාතයට (ස්ට්‍රෝක්) ගොදුරු වීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මෙම ප්‍රහාරයෙන් මන්දිරය සිය නිවාසය කරගෙන සිටි හිටපු යුක්‍රේන මන්ත්‍රී සර්හියි කිවලොව් ද තුවාල ලබා තිබේ.

මෙම රුසියානු මිසයිල ප්‍රහාරය හෙළා දකිමින් මාධ්‍යයට අදහස් දක්වා ඇති හැරී පොටර් මන්දිරය පිහිටි ඔඩෙසා වරාය නගරයේ නගරාධිපති හෙන්නද්ලි ටුක්හැනොයි ප්‍රහාරකයන්ට ‘රකුසන්, තිරිසන්නු, වනචාරීන්, ජරාව යන වදන් භාවිත කරමින් බැණ වැදී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment