මාළු මිල ඊයේ ඉහළට

317

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ගණන් වල ඉහළ යෑමක් ඊයේ (06 වැනිදා) දිනයේ දක්නට තිබූ බව එහි ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ ට පැවැසීය.

ඒ අනුව තලපත් තොග කිලෝවක් රුපියල් 2500කට ද කෙලවල්ලා කිලෝවක් රුපියල් 1500කට ද තෝරා කිලෝවක් රුපියල් 2500 කට ද ඉස්සො කිලෝවක් රුපියල් 1300 කට ද දැල්ලො කිලෝවක් රුපියල් 600කට ද ලින්නා කිලෝවක් රුපියල් 800කට ද බලයා කිලෝවක් රුපියල් 1000කට ද අලෙවි කෙරුණු බව ද සභාපතිවරයා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment