ට්‍රම්ප්ට චෝදනාවලින් නිදහස් විය නොහැකි බවට ප්‍රකාශයක්

255

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ කාලසීමාවේදී සිදු කළ ක්‍රියාවන් සම්බන්ධයෙන් පවතින සාපරාධී චෝදනාවලින් ඔහුව නිදහස් කළ නොහැකි බව ඇමරිකානු අභියාචනාධිකරණය විසින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද ඒ සම්බන්ධ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව ප්‍රමාද වන බව ද අධිකරණය විසින් සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපති ට්‍රම්ප් ජනාධිපති ධුරය දරමින් සිටියදී 2021 වසරේ ජනවාරි 06 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර සිදු වූ මහජන කැරැල්ල සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවතින නඩු විභාගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මෙම ප්‍රකාශය කර තිබේ. මෙම නඩු විභාගය ලබන නොවැම්බර් මස පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය නිම වන තෙක් කල් දැමීම හිටපු ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇති බව හිටපු ඇමරිකානු රජයේ නීතිවේදී නියමා රහ්මානි පවසා තිබේ.

එම ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයගතහොත් රටේ ජනාධිපතිවරයාට එරෙහිව එම නඩුව මෙහෙයවිය නොහැකි වීම එයට හේතුව බවද රහ්මානි සඳහන් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment