අවුරුද්ද දවසේ වැලිකඩට චිකන් කිලෝ 600ක සැප කෑමක්

479

සිංහල අලුත් අවුරුදු දා වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ දිවා ආහාරයට ලබාදුන් කහබත් සඳහා කුකුළු මස් කිලෝ හයසීයක ප්‍රමාණයක් පිළියෙල කළ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ඩී. දිසානායක මහතා පැවසීය.

මේ සඳහා හාල් කිලෝ 225ක ප්‍රමාණයක් යොදා ගත් බවත් එය රැඳවියන්ගේ කහබත් පිඟානට ග්‍රෑම් 56ක කුකුළු මස් කැබැල්ලක් සැපයූ බවත් හෙතෙම පැවසීය.

මෙම කහබත් වේල වැලිකඩ කාන්තා අංශයේ රැඳවියන්ට ද ලබාදී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment