විලි දකුණෙන් යයි

139

දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා විසින් මැයි මස 02 වැනිදා සිට බලපැවැත් වෙන පරිදි ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දී ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

අප්‍රේල් මස 08 වැනිදා ආණ්ඩුකාරවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකොට ඇති බව ද දැනගන්නට ඇත. ආණ්ඩුකාරවරයා සිය කැමැත්තෙන්ම ඉවත් වීමට තීන්දු කර ඇති අතර තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වන බව ආචාර්ය විලි ගමගේ මහතා විසින් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ද දැනුවත් කර ඇත.

ධුරයෙන් ඉවත් වීමත් සමග විශ්‍රාම සුවයෙන් ගතකිරීමට තීන්දු කර ඇති බව ද දැන ගන්නට ඇත.

හිටපු පරිසර ඇමැති නසිර් අහමඩ් මහතාට ආණ්ඩුකාර ධුරයක් ලබාදිය යුතුව ඇති බැවින් නසිර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට පත්කරනු ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා දැනට වයඹ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පත්වීමට නියමිතව ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment