චැනල් ෆෝ පැටිකිරිය ජිනීවාවලදී අදින්න අලි සබ්‍රි සුදානමින්

127

ලබන 21 වැනිදා ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායකයන්ගේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් 4 නාලිකාව සිදුකර ඇති අසත්‍ය චෝදනා පිළිබඳව අවධානය යොමු කරන බව විදේශ ඇමැති අලි සබ්‍රි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය.

මෙම සමුළුවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තමා ද සහභාගි වන බව අලි සබ්‍රි මහතා පැවසීය.

චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන්නේ අද ඊයේ සිට නොව උතුරේ යුද්ධ සමයේ සිට යැයි ද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment