ආදර යෝජනාවල අඩුවක් නැහැ – ශයිනි නෙත්තිකුමාර

203

ඇමැන්ඩා වෙනස්ම කෙල්ලෙක්

ශයිනි නෙත්තිකුමාර පුංචි තිරයට අලුත් මුහුණක්. නමුත් ඇය මේ වන විට චිත්‍රපටයක” ටෙලි නාට්‍ය හතරක වගේම වේදිකා නාට්‍යයකත් වැඩ කරල තියෙනව. ඇයගේ අලුත්ම ටෙලි නාට්‍ය දෙකක් වන 4 චූන් Residency සහ ‘හපන්නු අපි ගමේ රාජ්ජේ. ස්වර්ණවාහිනිය ඔස්සේ මේ දිනවල විකාශය වෙනව. අපි බලමු ශයිනිගෙ අලුත් තොරතුරු මොනවද කියල.

● ශයිනිට 4 චූන් Residency හි චරිතයකට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

ධනුෂ්ක අයියගේ අධ්‍යක්‍ෂණය යටතේ මම ටෙලි නාට්‍යයකට එකතු වුණා. ඒක තවම විකාශනය වුණේ නැහැ. ඔහු තමයි සුපුන් රත්නායකට මං ගැන කිව්වෙ. ඒ අනුව සුපුන් අයියා මට කතා කළා. ඒ විදිහට තමයි මම ෆෝචූන් රෙසිඩන්ස් නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ.

ආදර යෝජනාවල අඩුවක් නැහැ - ශයිනි නෙත්තිකුමාර

● 4 චූන් Residency හි ඔබේ චරිතය මොන වගේද?

ඇමැන්ඩා කියන චරිතය තමයි මට ලැබිල තියෙන්නෙ. මේක හරි වෙනස් චරිතයක්. කොල්ලෙක් වගේ. කියන්න තියෙන දේ මුහුණට කියන” බොරුව නැති” ඇත්ත කතා කරන වෙනස්ම කෙල්ලෙක්.

● ඇමැන්ඩා සහ ශයිනි අතර වෙනස මොන වගේද?

ශයිනි කියන්නෙ ළද බොළඳ” ප්‍රශ්න ගැන අඩුවෙන් හිතල” කාගෙවත් හිතක් රිදවන්නෙ නැතිව නිතරම හැමෝම එක්ක හිනාවෙලා ඉන්න කැමති කෙනෙක්. ඇමැන්ඩා කියන්නෙ ගෙදර ප්‍රශ්න ගොඩක් තියාගෙන වුණත් සමාජයේ කිසිම දෙයක් තමන්ට අදාළ කරගන්නෙ නැතිව තමන්ට ඕන දේ කරන කෙනෙක්. කොහොම වුණත් ඇමැන්ඩා සහ ශයිනි කියන්නෙ වෙනස්ම දෙන්නෙක්. ඉදිරියේදි මේ චරිතයේ වෙනස්කම් රැසක් සිදුවෙනව. ඒ වෙනකොට ප්‍රේක්‍ෂකයන්ට දෙන්නාගෙ වෙනස හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වේවි.

ආදර යෝජනාවල අඩුවක් නැහැ - ශයිනි නෙත්තිකුමාර

● ශයිනිගෙ පවුලේ විස්තර?

මගේ ගම නුගේගොඩ. අම්මයි” තාත්තයි” අයියයි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ. පාසල් ගියේ කොළඹ 07 සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයට.

● රඟපෑමට යොමු වෙන්නෙ පාසල් කාලයේදීමයි?

ඔව්” වයස අවුරුදු 12 හෝ 13 වයසේදී රඟපෑමට යොමු වෙන්න මට අවස්ථාව ලැබෙනව.

● වේදිකාවටත් සම්බන්ධ වුණාද?

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කලින් මම වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් එකතු වුණා. නාලක ස්වර්ණතිලක මහත්මයාගේ

දඟ මල්ල වේදිකා නාට්‍යයට වගේම පාසල් කාලයේ කලාප” පළාත් වගේම සමස්ත ලංකා තරඟවලටත් සහභාගි වෙලා හොඳම නිළිය” හොඳම සහය නිළිය ඇතුළු ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා.

● ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණාද?

මෙතෙක් කලක් ළමා නාට්‍යවලට සහභාගි වුණත් උසස් පෙළින් පස්සෙ ‘සුපිරිසිදු නගරයක්. කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ නාට්‍යයත් නාට්‍ය තරඟයක් සඳහා නිර්මාණය කළ එකක්.

● එතනින් පස්සෙ?

එතනින් පස්සෙ එක කාලෙකදි මම විදේශගත වෙනව. මාස හතරකින් පසු නැවතත් ලංකාවට එන්නෙ උසස් අධ්‍යාපන කටයුතුවලට නැවතත් විදෙස් ගත වෙන්න හිතාගෙන. නමුත් කොරෝනා වසංගතය වගේම පාස්කු ප්‍රහාරයත් එක්ක ඒ ගමන නතර වෙනව. මේ අතර ටෙලි නාට්‍ය සඳහාත් ආරාධනා ලැබෙන්න පටන් ගත්තා. මේ නිසා මගේ අම්මි කිව්වා ඉදිරි අධ්‍යාපන කටයුතු තව ටික කාලෙකින් හරි පටන් ගන්න පුළුවන්” ඒ නිසා ටික කාලයක් මේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියල.

● ශයිනි රඟපෑමට යොමු වුණාට ගෙදරින් අකමැත්තක් නැහැ?

නැහැ” අපේ ගෙදර අය තමයි මටත් වඩා කැමති. පොඩි කාලෙ ඉඳන් දක්‍ෂතාව තිබුණ පැත්තට අපි යන එක ගැන එයාල සතුටුයි.

● දැනට 4 චූන් Residency නාට්‍යයට විතරද සම්බන්ධ වෙන්නෙ?

මේ නාට්‍යයේ ෂූටිං පසුගිය දවසක අපි අවසන් කළා. ඊට අමතරව සංගීතේ සහ හපන්නු අපි ගමේ රාජ්ජේ යන නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නව.

● වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ මොන චරිතයටද?

එහෙම විශේෂයක් කියල නැහැ. චරිත තුනටම එක වගේ ප්‍රතිචාර ලැබෙනව. හපන්නු අපි ගමේ රාජ්ජේ අලුතින් විකාශය වන නාට්‍ය නිසා ඒකට ටිකක් වැඩියෙන් ප්‍රතිචාර ලැබෙනව.

● සිනමාවට ආරාධනා ලැබුණද?

මම උසස් පෙළ කරන කාලෙ වගේ මොහාන් නියාස් මහත්මයාගෙ ශ්‍රී වික්‍රම රාජසිංහ චිත්‍රපටයට සහභාගී වුණා. ප්‍රධාන චරිත විදිහට මම” අඛිල අයියා සහ චුලක්‍ෂි අක්කා රඟපෑමෙන් එකතු වුණේ. මේ චිත්‍රපටය තවම තිරගත වුණේ නැහැ. ළඟදීම දවසක තිරගත වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

● විලාසිතාවලට තියෙන්නෙ මොන වගේ කැමැත්තක්ද?

විලාසිතා කියන්නෙ මම පොඩි කාලෙ ඉඳන් කැමති දෙයක්. ලස්සනට අඳින්න පළඳින්න මම හරිම කැමතියි. මට ගොඩක් දෙනෙක් කියලත් තියෙනව ඔයා ලස්සනට අඳිනව කියල. ඒ වගේම මගේ විලාසිතා අනුගමනය කරන අයත් ඉන්නව. ඇත්තටම සතුටුයි ඒ ගැන.

● ඔබ කෙනෙක්ව අනුගමනය කරනවාද?

මම තව කෙනෙක් අනුකරණය කරන්නෙ නැහැ. මට ලස්සනයි කියල හිතෙන දේ තැනට සුදුසු විදිහට මම අඳිනව.

● ආදර යෝජනා අඩුවක් නැතුව ඇති?

ආදර යෝජනා නම් එනව. නමුත් මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නව.

● අලුතින් ක්‍ෂේත්‍රයට එන අයට කැපිලි කෙටිලි තියෙනවලු?

ඔව් එහෙම දේවල් නැත්තෙ නැහැ. නමුත් මම ඒවා ගණන් ගන්නෙ නැහැ. ඒ වගේ දේවල් එන තරමට මම කැමතියි. මොකද ඒවායින් වෙන්නෙ මම තවත් ශක්තිමත් වෙන එක.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment