සුමන්තිරන් – මානික්කම් සහ කැනඩා කොටින්ගේ ගැටුමේ සුලමුල

1007

සුමන්තිරන් සහ මානික්කම් සභාව අමතන විට කැනඩා කොටි කඩා වැදුණු අයුරු

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට කටයුතුවලට සෘජුව මැදිහත්වීමේ සිද්ධියක් මේ සතියේදී හෙළිවිය. ඒ ද්‍රවිඩ සන්ධානය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය රාජ්‍ය දෙපාර්තමේන්තුවට කැඳවූ සහකාර රාජ්‍ය ලේකම්වරියක් වූ ලියා පැටර්සන් බලය බෙදාහැරීම, සංක‍්‍රාන්ති යුක්තිය සහ වගවීම යන කරුණු ගැන සාකච්ඡා කිරීමයි.

ද්‍රවිඩ සන්ධානය රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබුවේ සුමන්තිරන් කනගඊශ්වරන් සහ චන්ද්‍රගගන් ය. පසුගිය රජය යටතේ මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඇමෙරිකාව මැදිහත් විය. දැන් යළිත් වරක් එම කි‍්‍රයාදාමයට සම්බන්ධ වී ඇත. රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඇමෙරිකාවට අයිතියක් නැතත් ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා යැයි කියමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකාවේ කටයුතුවලට සෘජුව සම්බන්ධ වී ඇත.

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන් සහ රාසමානික්කම් යන මන්ත‍්‍රීවරු දෙදෙනා කැනඩාවේ ටොරොන්ටෝ නුවර රැුස්වීමකට සහභාගිවූ අතර කොටි හිතවාදී මර්කාහම් කල්ලිය ඊට එරෙහි විය. ඔවුන් දෙදෙනාව හඳුන්වනු ලැබුවේ ද්‍රෝහීන් ලෙසිනි.

අපට අවශ්‍ය වෙනම රටක් – ඊළම් දේශයක් මිස දේශපාලන විසඳුමක් නොවෙයි යැයි කොටි හිතවාදීන් පැවැසූහ. මේ ප‍්‍රකාශය තුළින් තහවුරු වූයේ ශ‍්‍රී ලංකාව දෙකඩ කිරීම හැර කැනඩා කොටින්ට වෙන විකල්පයක් නැති බවයි. ස්ටුවට් ටෙලි නැමැති කැනඩා මාධ්‍යවේදියා පැවසුවේ කොටි ගරිල්ලන් හෙවත් ත‍්‍රස්තයන් 8000ක් කැනඩාවේ සිටින බවයි. කැනඩාවේ ස්කාමරෝ සහ මර්කාහම් යනු කොටි හිතවාදීන්ගේ පාරාදීසයක් වූ ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වන මෙම කල්ලිය ද්‍රවිඩ සන්ධාන රැුස්වීමට පෙර සුමන්තිරන් ද්‍රෝහියකු බවට දැක්වෙන පුවරුවක්ද ප‍්‍රදර්ශනයක කළහ.

සුමන්තිරන් - මානික්කම් සහ කැනඩා කොටින්ගේ ගැටුමේ සුලමුල

අවසානයේදී සුමන්තිරන් සහ රාසමානික්කම් බේරාගැනීමට කැනඩා පොලිසියේ පිහිට පැතීමට සංවිධායකයන්ට සිදුවිය. කෙසේ වෙතත් ද්‍රවිඩ සන්ධාන රැුස්වීම කඩා කප්පල් විය. එම රැුස්වීම වෙත මර්කාහම් කොටි කල්ලිය පැමිණියේ කොටි ධජ රැගෙනය. සුමන්තිරන්ට අවශ්‍ය සිංහලයන් යටතේ වාසය කිරීමටයි. අපට දේශපාලන විසඳුමක් කුමකට ද යැයි කියා සිටි කොටි හිතවාදීන් කෑගසා ඇත.

මෙම කොටි හිතවාදීන් මෙලෙස කෑගැසුවේ ඊළම් රාජ්‍යයක් ඉල්ලමින් නඟන ඝෝෂාව නිසා ඔවුන්ට අරමුදල් එකතු කරගත හැකිය. කැනඩාවේ කොටි හිතවාදීන්ගේ පැවැත්ම රඳා ඇත්තේ එකී ඉල්ලීම නිසාය. මින් කැනඩා කොටි ප‍්‍රසිද්ධියේම සහජීවන ක‍්‍රියාවලිය ප‍්‍රතික්‍ෂේපකර ඇත. මෙලෙස කැනඩා කොටි ශ‍්‍රී ලංකාව තුළ ඊළම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරද්දී කැනඩා රජයේ ප‍්‍රතිචාරය කුමක්ද? කැනඩාවේ පැවැති ද්‍රවිඩ සන්ධාන රැුස්වීමට කැනඩා මන්ත‍්‍රී ගැරි ආනන්ද සංගරී පැමිණ සිටියේ නැත. ඔහු කොටි හිතවාදියෙක් ලෙස ශ‍්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු යැයි යාපනයේදී ප‍්‍රසිද්ධියේ පැවසූ අයෙකි.

මේ පසුබිම මැද කැනඩා කොටි හිතවාදී මර්කාහම් කල්ලිය ද්‍රවිඩ සන්ධාන රැස්වීම වෙත ගෙන ආ පුවරුවක් මෙලෙස දක්වා තිබුණි. මම ද්‍රෝහියෙකි – මම ශ‍්‍රී ලාංකික පේ‍්‍රමියෙකි. උතුරු නැෙඟනහිර ඒකාබද්ධ කිරීමට මට අවශ්‍ය නැත. රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයෑමට මම ඉඩ නොදෙන්නෙමි. මේ ප‍්‍රකාශය කර ඇත්තේ සුමන්තිරන් පිළිබඳවය. මර්කාහම් කොටි කල්ලිය එම ප‍්‍රදේශයේ මහාවිරුවන් යැයි කියන කොටි මිනීමරුවන් සැමරීමේ ස්මාරකයක්ද ඉදිකර ඇත. මේ තත්ත්වය මත සනාථ වන්නේ කුමක්ද? ඒ කොටි සංවිධානය මියගොස් නැති බවයි. වන්නි මෙහෙයුම සඳහා කොටි සංවිධානයට අවශ්‍ය අවි ආයුධ සහ මිසයිල සැපයුවේදී කැනඩාවේ කොටි හිතවාදීන්ය. එසේම කොටින්ට අවශ්‍ය අරමුදල් සැපයීමටද කි‍්‍රයාකළේ කැනඩාවෙනි. මේ පසුබිම මැද කැනඩාවේ ස්කාමරෝහි කොටි කල්ලිය පැවසුවේ ද්‍රවිඩ සන්ධානය 13 වැනි සංශෝධනය සහ උතුරු නැෙඟනහිර ඒකාබද්ධ කිරීම අහෝසි කිරීමට තීරණයකර ඇති බවය. මඩකලපුව මන්ත‍්‍රී ශානක්‍යන් රාසමානික්කම් රැස්ව සිටි ද්‍රවිඩයන් අමතා විසඳුමකට සහයවන ලෙස ඉල්ලා සිටීම මර්කාහම් සහ ස්කාමරෝ කොටි හිතවාදින්ගේ කෝපයට හේතුවී තිබුණි. ටොරොන්ටෝ පොලිසියේ ද්‍රවිඩ කටයුතු සෙවීමේ ඒකකයක් තිබෙන අතර එම ඒකකය ද්‍රවිඩ සන්ධාන රැුස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ කොටි අත්අඩංගුවට ගත්තේ නැත. ඒ වෙනුවට රැස්ව සිටි කොටි හිතවාදීන්ව විසුරුවා හැර ඇත. කැනඩාවේ කොටි හිතවාදීන් සහ ද්‍රවිඩ සන්ධානය අතරවූ මේ

සුමන්තිරන් - මානික්කම් සහ කැනඩා කොටින්ගේ ගැටුමේ සුලමුල

ගැටුම තුළින් ආර් සම්බන්ධන, මාවයි සේනාධිරාජා, එස්. ශ‍්‍රීධරන්ව ප‍්‍රතික්‍ෂේප කිරීමට කොටි හිතවාදීන් කි‍්‍රයාකර නැත. සුමන්තිරන් සහ රාසමානික්කම් කැනඩාවට යෑමට පෙර පසුගිය 27 දා තමිල්ණාඩුවේ සිට කැනඩාවට යෑමට සූදානම් වූ ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයන් 27 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් හලාවත සහ පුත්තලමේ පදිංචිකරුවෝ බව හෙළිවී ඇත. මේ අතර කැනඩා කොටි හිතවාදීන්ගේ අරමුණ දිගින් දිගට ම ඊළම් රටක් ලබාගැනීමේ සංකල්පය දිගටම ගෙනයෑම බව සනාථ වී ඇත. මේ සඳහා කැනඩා දේශපාලකයන්ගේ සහය ද ඔවුන්ට ලැබී තිබේ. ඊට කැනඩා අගමැති ටෘඩෝ සහ මන්ත‍්‍රී ගැරි ආනන්ද සංගරීගේ සහය ද හිමිවී ඇත. කැනඩාවේ කොටි කල්ලියේ ඉල්ලීම නිසා හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස්ට කැනඩාවේ ශ‍්‍රී ලංකා තානාපති ධුරයට පත්වීමට නොහැකි විය. එසේම කැනඩාවේ බ‍්‍රැමින්ටන් නගර සභාව ශ‍්‍රී ලංකාව තුළ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුවූ බවට පවසන යෝජනාව පිළිගෙන තිබේ.

එසේම කැනඩාව ජිනීවා යෝජනාවේ පාර්ශ්වකරුවෙකි. වසර කීපයකට පෙර කැනඩාව ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාවක් ගෙන ඒමට උත්සාහ කළත් එය අසාර්ථක විය. මෙයට පෙර නීලන් තිරුචෙල්වම් ශ‍්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට ගත් උත්සාහය නිසා ප‍්‍රභාකරන් විසින් ඔහුව මරා දැමීමෙන් ව්‍යාර්ථ කෙරිනි. මෙම පසුබිම මැද සුමන්තිරන් සහ මානික්කම් ට එරෙහි අලූත්ම තර්ජනයක් දැන් මතුවී ඇත.

මෙකී තර්ජනයෙන් සනාථවන්නේ කොටි තම ඊළම් රාජ්‍යය හෙවත් රට දෙකඩ කිරීමේ සැලසුම් අත්හැර නැති බවයි. එසේනම් කැනඩාවේ සිටින කොටි ත‍්‍රස්තයන් ශ‍්‍රී ලංකාවට තර්ජනයක් එල්ල නොකරනු ඇතැයි කිවහැකිද?

කැනඩා කොටි ක‍්‍රියාකාරීන් පසුගිය කාලයේදී තම ඥාතීන් බැලීමට යැයි කියමින් මෙරටට පැමිණ උතුරට ගොස් යාපනය විශ්වවිද්‍යාලයේ සිටි තම නියෝජිතයන් හමුවී සාකච්ඡාකර ඇතැයි හෙළි විය. මෑතකදී කොටිඩයස්පෝරාව පැවසුවේ තම සටන නතර කරන්නේ නැති බවයි. කැනඩා කොටි ජාලය සතුව අතිවිශාල මුදල් සම්භාරයක් ඇත. මේ ධනය ශ‍්‍රී ලංකාවට එරෙහිව යෙදවීමට ඉඩකඩ තිබේ. කොළඹට සහ කටුනායකට බෝම්බ දැමූ කොටි නියමුවන් දෙදෙනා පවා ගුවන් නියමු පුහුණුව ලැබුවේ කැනඩාවේදී බව පසුගියදා අනාවරණය වී තිබුණි. එසේම කොටි නෞකා ප‍්‍රවාහන ජාලයේ ප‍්‍රධානි සංකිලිට කැනඩා රජය දේශපාලන රැුකවරණ දී තිබේ. ඔහුට වව්නියා අධිකරණය වසර 30ක සිරදඬුවමක් නියම කළත් මෙරටින් පැන ගියේය.

ශ‍්‍රී ලංකා පොලිසිය සංකිලිව මෙරටට එවන ලෙසට ඉන්ටර්පෝල් වරෙන්තුව ප‍්‍රකාශයට පත්කළත් කැනඩා රජය එම වරෙන්තුවට එකඟවූයේ නැත. මේ පසුබිම මැද ශ‍්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඬේවිඞ් මැකෙන්සි අනුගමනය කරන්නේද ශ‍්‍රී ලංකා විරෝධි පිළිවෙතකි. කැනඩාවේ නගර සභාවක් ශ‍්‍රී ලංකාවට එරෙහිව ද්‍රවිඩ සමූල ඝාතන පනතක් සම්මත කිරීම ගැන විරෝධය පෑවත් කැනඩා රජය අදවන තුරු ඒ ගැන පියවරක් ගත්තේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment