LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රථම ලයිෆ්ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාවවන ‘Honours’ ප්‍රවර්ධනයට අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

67

මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ සමාගම් අතර ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් පීඑල්සී (LOLC GI) සමාගම, කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සමග පසුගියදා අවබෝධතා ගිවිසුමට එළඹියේය.

අසමසම ප්‍රතිලාභ පිරිනමන මෙරට ප්‍රථම ලයිෆ්ස්ටයිල් මෝටර් රක්ෂණ සේවාවවන ‘Honours’ ලෝයල්ටි වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා එම සංගමයේ සාමාජිකයින් හට අවස්ථාව උදා කිරීම එම අවබෝධතා ගිවිසුමේ අරමුණ විය.

ආනන්ද විද්‍යාලයීය සත් මහල පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. LOLC සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන සහ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති බිමල් විජයසිංහ යන මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment