(වමේ සිට දකුණට) ෂහීනා මොහොමඩ් – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනුකූලතා (Compliance) සහ සමාගම් ලේකම්, නාමලී ඒ සිල්වා – ප්‍රධාන ව්‍යාපාරික නිලධාරි (SLICLL), දයාරත්න පෙරේරා – ප්‍රධාන නිලධාරී (SLICLL), චන්දන එල් අලු‍ත්ගම – සමූහ ප්‍රධාන විධායක නිලධාරී (SLIC), ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා – සභාපති (SLIC), ප්‍රියන්ත පෙරේරා – ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (SLICGL), ලලිත් ද සිල්වා – බෙදාහැරීමේ ප්‍රධානී (SLICGL)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ලෙස සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්‍ෂණ ව්‍යාපාර නීත්‍යානුකූලව විභේදනය කිරීමත් සමඟ නිල වශයෙන් නව පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇත. මෙම සුවිශේෂී ගමනාරම්භය ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (Insurance Regulatory Commission of Sri Lanka) විසින් සකස් කරන ලද නියාමන රාමුවට අනුකූලව, 2024 පෙබරවාරි 1 සිට බලාත්මක වේ.

රජය සතු රක්‍ෂණ සමාගමක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්ල ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා විශාල වශයෙන් දායකත්වයක් ලබා දී තිබෙන අතර රක්ෂණ ක්ෂේත්‍රයේ වර්තමාන දියුණුවට හේතු වූ පුරෝගාමියෙකු ලෙස හැඳින්විය හැක. පසුගිය දශක හය තුළ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රබලතම සහ විශාලතම රක්‍ෂණ සමාගම බවට පත්ව ඇති අතර, ජීවිත හා වත්කම් සුරක්‍ෂිත කරමින් සහ විශේෂයෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කරමින් ජාතියේ සංවර්ධනයට දායකත්වයක් ලබා දී ඇත.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලාංකේය සම්ප්‍රදායනුකූලවල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී පසුගිය පෙබරවාරි 1 වැනිදා සුවිශේෂී උත්සවයක් පැවැත්විණි. මෙම උත්සවයේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් යන ආයතන දෙකෙහි පිහිටුවීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලු‍ත්ගම මහතා වෙත ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයන් පිළිගැන්වීය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ලෙස අනාගතයට පියනඟිමින් තම පරිභෝගියකින් හට වඩාත් සමීපවෙමින් නව අවස්ථා තුලින් තම ආයතනය දියුණුව සහ සාර්ථකත්වය කරා රැගෙන යාමට බලාපොරොත්තු වේ. ‘විශේෂීකරණය හරහා පාරිභෝගික කේන්ද්‍රීයත්වය‘ යන ව්‍යාපාරික අරමුණ පෙරදැරිව, තම පාරිභෝගිකයින් හට නව සැලසුම්, කාර්යක්ෂම සේවාවන් හා නව්‍යකරණය තුලින් පෙර කවරදාටත් වඩා උසස් වූ සේවාවක් ලබාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් කැපවී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment