මහ මොළකරු දන්නවා කියූ මෛත්‍රී ඊයෙත් පැය 2ක් සී. අයි. ඩියේ

142

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03දා) දෙවන වරටත් ප්‍රකාශ සටහන් කොටගෙන තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම් දීමක් අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (03දා) පෙරවරු 10.00ට පමණ සිය නීතිඥ සංදීප්ත සූරියආරච්චි මහතා සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබූ අතර පුරා පැය දෙකක කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් පිළිබඳව තමා දන්නා බවට මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මින් පෙර ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment