දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන් ඇතුළු 11 ක් යාපනයේ අතරමං වෙති

962

මහ වැස්සෙන් ප්‍රසංගයට තිත

යාපනයේ ප්‍රසංගයක් සඳහා පැමිණ සිටින දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන් ඇතුළු ගායක ගායිකාවෝ 11 දෙනෙක් යාපනයේ අතරමංව සිටිති.

මේ මස 21 වැනිදා යාපනයේ මූරාවේලී ක්‍රීඩාංගණයේ සංවිධානය කොට තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගි වීම සඳහා මේ කණ්ඩායම පැමිණ සිටි අතර ධාරානිපාත වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රසංගය අවලංගු කිරීමට සංවිධායකවරුන් ඉකුත් 17 දා තීරණය කොට තිබේ. මේ නිසා හරිහරන් ඇතුළු පිරිස ආපසු දකුණු ඉන්දියාවට යැවීමට සංවිධායකයන් තීරණය කොට ඇති නමුත් අයහපත් කාලගුණික තත්ත්වය මත ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන්ද සීමා වී ඇති හෙයින් හරිහරන් ඇතුළු ගායක ගායිකාවෝද සංවිධායකයෝද දැඩි ප්‍රශ්නයකට මුහුණ පා සිටිති.

මේ අතර මෙවර නත්තල හා අලුත් අවුරුදු උදාව වෙනුවෙන් යාපනයේ සංවිධානය කොට තිබූ සැණකෙළි උත්සව හා ප්‍රසංග විශාල ප්‍රමාණයක් අයහපත් කාලගුණික තත්ත්වය මත නවතා දමා තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment