උ/පෙළ කෘෂිකර්මය II ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

173

කලින්ම සමාජ මාධ්‍යයේ ගිහිල්ලා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉකුත් 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා II වන ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ (12දා) තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළේය.

මෙම ප්‍රශ්න විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවද නිවේදනය කරන විභාග දෙපාර්තමේන්තුව ඒ අනුව සියලු මාධ්‍යයෙන්ම පැවැති මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඇත.

මෙසේ අවලංගු කරන ලද කෘෂි විද්‍යාව II පත්‍රය දැනට පවතින උසස් පෙළ විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරන බවත් එම දිනය පසුව දැනුම් දෙන බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

තවද මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ ආකාරය පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මෙම විභාගය නැවත පැවැත්වීමේදී ඊට අදාළ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් විදුහල්පතිවරුන්ටද, පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඒවායේ සඳහන් ලිපිනයන්ට තැපැල් මගින් ලැබෙන්නට සලස්වන බවද විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment