සභාපති අභියෝග කුසලාන නුගේගොඩ ශාන්ත ජෝන් ට – ප්‍රිමියර් අභියෝග කුසලාන කොළඹ තර්ස්ටන් ට

121

කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගනයේදී පැවති “සභාපති අභියෝග කුසලාන” පාසල් වයස අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බී තරගාවලියේ ශූරතාවය නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට ශූරතාව හිමි විය. එකී අනු ශූරතාව ලලිත් ඇතුලත්මුදලි විදුහල සතු විය.

ලලිත් ඇතුලත්මුදලි විදුහලට එරෙහිව ලකුණු 27 – 00 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල ට හැකියාව ලැබිණ.

ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුම් 04 ක් මගින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කර ගැනීමට ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ සමත් වූහ.

තීරණාත්මක අවසාන තරගයේදී මහනුවර ශ්‍රී සුමංගල විදුහල පරාජය කරමින් මෙවර ”ප්‍රිමියර් අභියෝග කුසලාන” අත්කර ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය.

තර්ස්ටන් පිල ගෝල් දිනුම් 04, උත්සාහක දිනුම් 02 සහ එක් දඬුවම් පහරක් ආශ්‍රිතව තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත ශ්‍රී සුමංගල පිලේ ලකුණු එකතුව ගෝල් දිනුම් 03 ක් ආශ්‍රිතව සටහන් විණි.

සභාපති අභියෝග කුසලාන නුගේගොඩ ශාන්ත ජෝන් ට - ප්‍රිමියර් අභියෝග කුසලාන කොළඹ තර්ස්ටන් ට

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙම තරගාවලිය ක්‍රියාත්මක කරන්නට විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment