ඇහැළේපොළ වලව්ව ඉටිරූප කෞතුකාගාරයක් කෙරේ

117

ඓතිහාසික ඇහැළේපොළ වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කළ ඇහැළේපොළ වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිiාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්‍ෂා කර ගනිමින් මෙම ඉටිරූප කෞතුකාගාරය නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

ඇහැළේපොළ වලව්වට අයත් මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්පය ද එම වලව්ව තුළ ඉටිරූප ආශ්‍රිතව ප්‍රතිනිර්මාණය කෙරේ.

එමෙන්ම ජාතික වීරවරයන් වන මොනරවිල කැප්පෙටිපොළ දිසාව, ඇහැළේපොළ මහාධිකාරම්තුමා, දේවේන්ද්‍ර මූලාචාරිතුමා මෙන්ම ඇහැළේපොළ පවුලේ සාමාජිකයන්ගේ ද ඌව- වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ද ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.

පර්චස් 141ක භූමියක පිහිටි ඇහැළේපොළ වලව්ව 2013 වර්ෂයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට කටයුතු කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment