යුක්තියට දිනකට ඔත්තු 2000ක්

82

යුක්තිය මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන වැටලීම් සඳහා මත්ද්‍රව්‍ය ජවාරම්කාරයන් සම්බන්ධයෙන් ඔත්තු 2000කට වැඩි ප්‍රමාණයක් දෛනිකව ලැබෙන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (03දා) පැවසීය.

මෙම මෙහෙයුම ආරම්භ කිරීමත් සමග ම බොහෝ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයන් තමන් පදිංචි නිවාස සහ ප්‍රදේශ අතහැර පලාගොස් ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියි.

එහෙත් මෙම මෙහෙයුම දීපව්‍යාප්තව සිදුකරන බැවින් මෙසේ පලාගොස් සිටින ජාවාරම්කාරයන්ට තවදුරටත් සැඟවී සිටිය නොහැකි බවද ජගත් චන්ද්‍රකුමාර මහතා පවසයි.

දෛනිකව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට, පොලිස් මූලස්ථානයට සහ ස්ථානාධිපතිවරුන්ට ලැබෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ ඔත්තු බොහෝ දුරට සාර්ථක ඒවා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment