රුවන්මැලි චෛත්‍ය පුදබිමත් විදුලි බිල අසීරුවට අද මුහුණ දීලා

248

සූර්ය කෝෂ විහාරස්ථාන 100කට බෙදා දෙමින් චෛත්‍යාරාමාධිකාරී
ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ කියති

විදුලි බිල්පත් ගෙවීමේ අසීරුවෙන් සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන සියයක එළිමහන් ආලෝකවත් කිරීම සඳහා සූර්යකෝෂ විදුලි පහන් බෙදා දීමට රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිiාලයේ කුලපති ඊතලවැටුණු වැවේ ඤාණතිලක නාහිමියෝ කටයුතු කළහ.

වර්තමානයේ බොහෝ විහාරස්ථාන අධික විදුලි ගාස්තුව ගෙවීමේ අසීරුවකට මුහුණ දෙති. එම තත්ත්වය රුවන්මැලි සෑයට ද දැඩි ලෙස බලපා තිබේ. ප්‍රදේශයේ දුෂ්කර විහාරස්ථානවලට යම් සහනයක් දීම සඳහා එළිමහනේ විශාල වපසරියකට සෑහෙන තරමේ විදුලි ලාම්පුවක් සහිත සූර්ය බල කට්ටලය බැගින් ලබාදීමට උන්වහන්සේ පියවර ගත්හ. ඒ සඳහා විශේෂ වැඩසටහනක් රුවන්මැලි සෑ මළුවේදී පසුගියදා සංවිධානය කර තිබිණි.

රුවන්මැලි චෛත්‍ය පුදබිමත් විදුලි බිල අසීරුවට අද මුහුණ දීලා

එහිදී අදහස් දැක්වූ රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී නාහිමියෝ, රුවන්මැලි චෛත්‍ය ස්ථානය ද විදුලි බිල සම්බන්ධයෙන් දැඩි අසීරුවක සිටින බව කියා සිටියහ.

අපේ විහාරස්ථානය ලක්‍ෂ ගණනක අති විශාල විදුලි බිලක් ගෙවිය යුතුව තිබෙනවා. මේ අපේ ආවාසයේ පරිහරණය පමණක් නොවේ. රටවාසී, ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදැහැවතුන් ද විදේශ සංචාරකයන් සඳහා ද පුද බිමේ විදුලි ආලෝකය ඇතුළු පහසුකම් වෙනුවෙන් ලබාගන්නා විදුලිය ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් රජය ගෙවනවා නම් අපේ පන්සලේ පරිභෝජන ඒකක ගණන කෙසේ හෝ ගෙවා ගන්නට පුළුවන්. රුපියල් කෝටියකට ආසන්න ඒ විදුලි බිල තිබිය දී අනෙක් වෙහෙර විහාරස්ථානත් මුහුණ දී සිටින එම අර්බුදයට විසඳුමක් ලෙස මේ වැඩසටහන සංවිධානය කළේ ඒ සියලු සිද්ධස්ථාන පවත්වාගෙන යා යුතු නිසා යැයි එම නාහිමියෝ ප්‍රකාශ කළහ.

අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී නාහිමියන් සංවිධානය කළ මෙම වැඩසටහනට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභෘපති ජගත් සුමතිපාල මහතා ඇතුළු පවුලේ පිරිස අනුග්‍රහය ලබාදී තිබිණි.

විහාරස්ථාන සියයක් වෙනුවෙන් පැමිණ සිටි භික්‍ෂුන් වහන්සේ උදෙසා විහාරස්ථානවලට අවශ්‍ය විවිධ මෙවලම් කට්ටල හා උපකරණ ද ගමන් වියදම් සඳහා මුදල් පිරිකර ද පිරිනැමීමට නාහිමියෝ කටයුතු කළහ.

ජගත් සුමතිපාල මහතාගේ පියා වන යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතාගේ සියවැනි උපන් දිනය හා 45 වන ගුණ සමරුවත් මව වන මිලිනා සුමතිපාල මහත්මියගේ 7 වන ගුණ සමරුවත් වෙනුවෙන් පින් අනුමෝදන් කරමින් සෙසු භික්‍ෂුන් වහන්සේ මහ සෑ මළුවේදී සෙත් පැතූහ. ඓතිහාසික ලංකාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියෝ ද එම අවස්ථාවට එක්වූහ.

අටමස්ථානාධිපති නාහිමියන් සමග රුවන්මැලි සෑ නාහිමියන් සූර්ය කෝෂ බෙදා දුන් අයුරු සහ මහසෑ මළුවට වැඩම කළ භික්‍ෂුන් වහන්සේලා ඡායාරූපවලින් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment