ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යක් – ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

47

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විශේෂ සාකච්ජාවක් ඊයේ දින (26 දා) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙරට ඖෂධ නිෂ්පාදකයින්ට පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් මෙම සාකච්ජාව පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ නියෝජිතයින් විසින් ඔවුන්ට බලපාන ගැටලු, ඔවුන්ගේ ඉදිරි යෝජනා, අදහස්, සැලැස්ම ඇමැතිවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර පවතින ගැටලුවලට කඩිනමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඇමැතිවරයා මෙහිදී පැවසීය.

මෙරට ජනතාවට ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යක් බව පෙන්වාදුන් ඇමැතිවරයා එම වැඩපිළිවෙළ විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බවද අවධාරණය කළේය. දේශීය ඖෂධ නිෂ්පාදකයා රැකගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට ගෙන යන වැඩ පිළිවෙළ ශක්තිමත් කළ යුතු බවද ඇමැතිවරයා කීය.

ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යක් - ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

තමන් සෞඛ්‍ය ඇමැතිවරයා මෙන්ම කර්මාන්ත ඇමැතිවරයා වශයෙනුත් ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ජාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ වානිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය ලෝහිත සමරවික්‍රම, උප සභාපති වී. නඩරාජා, ලේකම් නිරෝෂන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වුහ.

advertistmentadvertistment
advertistmentadvertistment