මේ දිනවල රස්නය සතුන්ට බලපාන හැටි

303


අධික අව් රශ්මියෙන් ගවයින් ඇතුළු නිදැල්ලේ ගැවැසෙන සතුන් ආතතිය වැනි ලෙඩ රෝගවලට පත්වීම හෝ මරණය පවා ඇතිවීමේ අවදානමක් පවතින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය හේමමාලී කොතලාවල මහත්මිය කීවාය.
උතුරු මැද උතුර නැගෙනහිර වයඹ පළාත්වල ගවයින් ඇතුළු සතුන් නිදැල්ලේ ඇති කෙරෙන බවත් අධික උෂ්ණත්වයෙන් සතුන් පීඩාවන්ට පත්වීමේ හැකියාව පවතින බවත් ඇය පැවැසුවාය. කිරි ගවයින් ඇතුළු සතුන්ගේ ආතතිය ඉහළ යාම ලෙඩ රෝගවලට පත්වීම ශරීරයේ බර පහළ යාම සතුන් මරණය පවා ඇතිවීමේ අවදානම දැඩි අව් රශ්මියත් සමග ඇතිවිය හැකි බව ද කීවාය.
නිදැල්ලේ ගැවැසෙන සතුන් ජල මූලාශ්‍ර සහිත ප්‍රදේශවල ගාල් කිරීම වඩාත් සුදුසු බවත් සතුන් විවෘත පරිසරයේ ආහාර ගැනීමට ගාල් නොකළයුතු බවත් දවස පුරාම සතුන්ට ජලය පානය කිරීමට සුදුසු ලෙස සකස් කිරීම මනා වාත්‍රාශ්‍රයක් සහිත ස්ථානවල සතුන් ගාල් කිරීමට පියවර ගත යුතු බවද වෛද්‍ය හේමමාලී කොතලාවල මහත්මිය පැවැසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment