වනීගේ බැංගලෝර් ජය ගනී..

282

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස්  කණ්ඩායම අතර අද පැවති  අයිපීඑල්  තරගයෙන් ලකුණු 24  ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බැංගලෝර් කණ්ඩායම මීට ස්වල්ප මොහොතකට පෙර සමත් විය.

මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිඳු  හසරංග සිය පන්දු වාර හතර තුළදී කඩුලු දෙකක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.හසරංග විසින් ඊට අමතරව පන්ජාප් කණ්ඩායමේ නායක සෑම් කරන් දුවද්දී  දවා ගැනීම සඳහා විශිෂ්ට පන්දු රැකීමක ද නිරත විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම  නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 174 ක් ලබාගත් අතර පන්ජාබ් කණ්ඩායම ට පන්දුවාර 18.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 150ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment