මැරතන් දිවූ පාසල් සිසුවා මරුට

848


අම්පාර තිරුකෝවිල් ප්‍රදේශයේ පාසලක අද (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ තිරුකොවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.

තරගය අතරතුරදී අසනීප වූ සිසුවා ප්‍රතිකාර සඳහා තිරුකෝවිල් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

කෙසේවෙතත් සිසුවාට නිසි පරිදි ප්‍රතිකාර නොකළැයි චෝදනා කරමින් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment