PS 2 යුගාත්‍රා සහ දඩඉමට තර්ජනයක් ද?

123

සල්මනුත් ගේම අතහරින්නේ නෑලු…
කෝටි 500ක ආදායම අලුත් කරන්න සැරසෙයි…

මනිරත්නම් කියන්නේ බොලිවුඩ් සිනමාව ඇතුළේ වෙනස්ම විදිහේ සුන්දර නිර්මාණ ප්‍රේක්‍ෂකයන්ට තිලිණ කරන අපූරු සිනමාකරුවෙක්. පසුගිය වසරේ ඔහු පොන්නියන් සෙල්වන් කියන අපූරු සිනමාපටය තිරයට අරගෙන ආවා. වික්‍රම්” කාර්ති” ජයම් රවී” ඓශ්වර්යා රායි බච්චන්” වගේම ත්‍රිෂා ප්‍රධාන චරිත රඟපෑ මෙම චිත්‍රපටය ප්‍රේක්‍ෂකයන් ආදරයෙන් වැළඳගත්තා. මනිරත්නම් මුලින්ම කිව්වේ මෙය පීරියඩ් කතා මාලාවක් විදිහට කොටස් දෙකකින් යුක්තව නිර්මාණය කරනවා කියලයි. ඔන්න දැන් ප්‍රේක්‍ෂකයන්ට ඒ අවස්ථාව උදාවෙලා තියෙනවා. පසුගිය අප්‍රේල් 28 වැනිදා ඉඳන් පොන්නියන් සෙල්වන් දෙවැනි කොටස ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක තිරගත වෙන්න සූදානම්. පළමු සිනමාපටයෙන් ප්‍රේක්‍ෂකයන් ලබපු වින්දනය අඩුවක් නැතිව දෙවැනි චිත්‍රපටයෙනුත් විඳගන්න පුළුවන් කියල තමයි නිෂ්පාදකයන් සඳහන් කරන්නෙ.

PS 2 යුගාත්‍රා සහ දඩඉමට තර්ජනයක් ද?

දමිළ භාෂාවට අමතරව” හින්දි” මලයාලම්” කන්ණඩ සහ තෙළඟු භාෂාවන්ගෙන් තිරගතවීමට නියමිත මෙහි නිෂ්පාදනය මනිරත්නම් සමග සුභාෂ්කරන් අලිරාජා විසින් සිදුකර තිබෙනවා. ඓතිහාසික සුන්දරත්වය මැනවින් විදහා දැක්වෙන පසුතල රැසක රූගත කර තිබෙන පොන්නියන් සෙල්වන් ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබාදෙනු ඇතැයි විචාරකයන් පවා මත පළකරනවා. පළමු චිත්‍රපටයේ වගේම දෙවැනි කොටසේත් වික්‍රම්” කාර්ති” ජයම් රවී” ඓශ්වර්යා රායි බච්චන්” ත්‍රිෂා යන පිරිසගේ සුපිරි රංගනයක් ඔබට දැකගන්න පුළුවන්. ඒ.ආර් රහුමාන්ගේ පසුබිම් සංගීතය සිනමාපටයේ සුන්දරත්වය තවත් වැඩිකර තිබෙනවා.

PS 2 යුගාත්‍රා සහ දඩඉමට තර්ජනයක් ද?

පොන්නියන් සෙල්වන් පළමු කොටස ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 500ක වාර්තාගත ආදායමක් උපයාගන්න සමත්වුණා. මෙවර එම ආදායම අබිබවා යෑමට හැකිවනු ඇතැයි ඔවුන් තදින් විශ්වාස කරනවා. ඒ හේතුව නිසාම තිරගතවන සිනමාශාලා ප්‍රමාණය ඉහළ දැමීමටත් ඔවුන් කටයුතුකර තිබෙනවා.

පසුගිය රාමසාන් උත්සවයට සමගාමීව ලොව පුරා තිරගතවීම ආරම්භ කළ සල්මන් ඛාන්ගේ කිසී කා බායි කිසී කා ජාන් සිනමාපටය සමග තරගයක් දීමටත් මෙවර පොන්නියන් සෙල්වන් කණ්ඩායමට සිදුවෙනවා. නමුත් බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ එය සිනමාපටයට කිසිදු ආකාරයක තර්ජනයක් නොවන බවයි. සිනමාපටය තුළ භාවිත කර තිබෙන දෘෂ්‍ය ප්‍රයෝග ඉතාමත් තාත්වික අයුරින් භාවිත කිරීමට සහ සකස් කිරීමට නිෂ්පාදක කණ්ඩායම සමත් වෙලා තිබෙනවා.

PS 2 යුගාත්‍රා සහ දඩඉමට තර්ජනයක් ද?

මනිරත්නම් ඇතුළු නිෂ්පාදන කණ්ඩායම පොන්නියන් සෙල්වන් දෙවැනි කොටසේ පූර්ව ප්‍රචාරක පටය සමාජ මාධ්‍යයට මුදාහැරීමත් එක්ක බොහෝ පිරිසක් එය නරඹා ධනාත්මක ප්‍රතිචාර ලබා දී තිබුණා. පළමු සිනමාපටයෙන් වගේම වෙනස් අපූරු කුතුහලයක් මේ තුළින් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. රංගන ශිල්පීන් පවා සිය සුපුරුදු රංගන ශෛලියට වඩා වෙනස් ආකාරයේ යථාරූපී රංගනයක් මේ වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

ඉනදියාවට සමගාමීව ලංකාවේ තිරගතවන පොන්නියන් සෙල්වන් චිත්‍රපටය ගැන ලංකාවේ රසික රසිකාවියන් පවා බොහෝ බලාපොරොත්තු දල්වාගෙන තමයි ඉන්නේ. පළමු සිනමාපටය තිරගත කිරීමෙන් ලංකාව තුළ බෙදාහරින්නන් විශාල මුදලක් උපයාගත්තා. එය සාමාන්‍යයෙන් සිංහල සිනමාපටයක් උපයන ආදායම පවා ඉක්මවා ගියපු ආකාරයක් අපට දැකගන්න ලැබුණා. මෙවර චන්න පෙරේරාගේ යුගාත්‍රා සිනමාපටය සහ පිළිකා ශල්‍ය වෛද්‍ය නෙඕමාල් පෙරේරාගේ දඩඉම යන සිනමාපටය පොන්නියන් සෙල්වන් සමග ලංකාවේ තිරගත වනවා. බොහෝ දෙනා පවසන්නේ යුගාත්‍රා සහ දඩඉම සිනමාපටයන්ට පොන්නියන් සෙල්වන් දැඩි තර්ජනයක් එල්ල කරනු ඇති බවයි. කොහොම වුණත් ඒ සටන ලෙහෙසි වන එකක් නම් නැහැ. ඒ වගේම සල්මන් ඛාන්ගේ චිත්‍රපටයත් මේ දවස්වල ලංකාවේ තිරගත වනවා. ඒ නිසා චිත්‍රපට හතරක් අතර ලොකු සටනක් අපිට දැකගන්න ලැබෙයි. ඒ මොන දේ වුණත්” චිත්‍රපටයක සාර්ථක අසාර්ථක බව තීරණය වෙන්නේ ප්‍රේක්‍ෂකයන් එය වැළඳගන්න ආකාරය අනුව.

අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment