රුපියල යළිත් ශක්තිමත් වෙයි

1428

ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (11 දා) දිනයේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් ඇමරිකානු ඩොලරයකට ගෙවිය යුතු රුපියල් අගය රු. 2.10 කින් අඩුවිය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (11 දා) නිකුත් කළ නවම විනිමය අනුපාත අගයක් අනුව පෙරේදා (10 දා) රු. 324.80 ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (11 දා) දිනයේ දී රු. 322.70 ක් දක්වා අඩුවිය.

එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් මිලද පෙරේදා (10 දා) වාර්තා වූ රු. 310.90 සිට ඊයේ (11 දා) දිනයේදී රු. 308.66 දක්වා රු. 2.24 කින් අඩුවිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment