බලාපොරොත්තු යළි දල්වමින්, LOLC දිවි සවිය බෙදාහැරීම් නැවතත් ඇරඹේ

30

ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපනය සවිබල ගැන්වීමේ සාමූහික ප්‍රයත්නයක් ලෙස, LOLC දිවි සවිය, එහි තුන්වැනි අදියරේ වැඩසටහන, අලු‍ත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසැල් විවෘත කිරීමට සමගාමීව නැවතත් ආරම්භ කල බව සාඩම්බරයෙන් නිවේදනය කරයි.

පෙර අදියරවල සාර්ථකත්වයෙන් තවදුරටත් ඔබ්බට යමින් මෙම සද්කාර්යය ජාතියේ යොවුන් පෙලේ සිහින සහ අපේක්ෂාවන් පෝෂණය කිරීම සඳහාවූ LOLC හි කැපවීම යළි තහවුරු කරයි.

තුන්වැනි අදියර ඉදිරියට ක්‍රියාත්මකවීමේදී LOLC දිවි සවිය දිවයින පුරා පාසැල් වෙත සිය ප්‍රවේශය ව්‍යාප්ත කිරීම අරමුණු කරගනිමින් 101-150 අතර සිසුන් සහිත පාසැල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇත. මෙම අපේක්ෂා සහගත ව්‍යාප්ති වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ පාසල් වලින් 40% කට වැඩි ප්‍රමාණයක් ආවරණය කිරීමට සැලසුම් කර තිබේ. එහිදී ප්‍රතිලාභී පාසැල් සංඛ්‍යාව 4000 ඉක්මවීම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

තුන්වැනි අදියරේ බෙදා හැරීමේ කටයුතු අප්‍රේල් 25 වැනිදා බත්තරමුල්ල ශ්‍රී ඉන්දජෝති විද්‍යාලයේදී, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් නැවත ආරම්භ කෙරිණ. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගි විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසැල් කටයුතු පිලිබඳ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මිය, LOLC කාර්ය මණ්ඩල සාමාජිකයින්, දෙමාපියන්, ගුරුවරුන්, පාසැල් සිසුන් සහ සුභ පතන්නන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment