අයිපීඑල් පිටියේ අපේ 5 දෙනෙක්

1313

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතය.

පෙරේදා පැවති වෙන්දේසියේදී තෝරා ගත් නුවන් තුෂාර, වනිදු හසරංග, ඩිල්ශාන් මධුසංඛ සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ රඳවා ගත් ක්‍රීඩකයන් වන මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර එම ක්‍රීඩකයෝ වෙති.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුසංඛ, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ඉහත ක්‍රීඩකයන් තිදෙනා තෝරා ගැනුණි.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට එහිදී මිල දී ගත් අතර එම මුදල මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම වටිනාකම වේ.

වනිඳු හසරංග ඉන්දීය රු. කෝටි 1.50ක මුදලකට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමටත්, ඩිල්ශාන් මධුෂංක ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් මිලදී ගත්තේය.

තරගාවලිය ලබන මාර්තු මස 22 වැනිදා සිට මැයි මස අග දක්වා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment