ශකීබ්ට නැවතත් ටෙස්ට් ඔටුන්න

170

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් නැවතත් එරට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇත.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මොමිනුල් හක් ශ්‍රී ලංකාව සමග පැවැති තරගාවලි පරාජයෙන් පසුව නායකත්වයට සමුදීම හේතුවෙන් ශකීබ්ව ඒ සඳහා පත් කර ඇත. මීට පෙර අවස්ථා දෙකකදී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරූ ශකීබ් එහිදී ටෙස්ට් තරග 14ක් තුළ තරග 11ක ජයග්‍රහණය බංග්ලාදේශයට ලබා දීමට සමත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment