බඹර වසන්තේ 15 වැනිදා සිට…

131

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මොහාන් නියාස්ගේ නවතම සිනමා නිර්මාණය වන බඹර වසන්තේ මෙම මස 15 වැනිදා සිට එම්.පී.අයි මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාශාලාහි තිරගත වීමට නියමිතව ඇත. මෙහි චන්න පෙරේරා , නතාෂා සතරසිංහ , ජගත් ගලප්පත්ති, ගයේෂා පෙරේරා , බුද්ධික ජයරත්න , චංචලා වර්ණසූරිය , නන්දන හෙට්ටිආරච්චි , ටෙඩී විද්‍යාලංකාර , රෙක්ස් කොඩිප්පිලි , උපාලි කීර්තිසේන ඇතුළු පිරිසක් රංගනයෙන් දායකවේ. නීල් වර්ණකුලසූරියගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද, අමිලා නදීශානි ,ජගත් ගලප්පත්ති, නීල් වර්ණකුලසූරිය සහ සුරංග ද සිල්වා ගීත ගායනා කරන අතර සියලුම ගී පද රචනා සහ කලා අධ්‍යක්ෂණය මල්ලවගෙදර සුනිල් ආනන්දගෙනි. අනුර බණ්ඩාර විසින් සංස්කරණය සහ වර්ණ සංයෝජනය කරනු ලැබූ මෙහි කැමරා අධ්‍යක්ෂණය කේ.ඩි. දයානන්දගෙනි. ශබ්ද සංකලනයෙන් සුසන්ත ධර්මප්‍රිය ද, අංග රචනයෙන් ගයනි සතරසිංහ, සටන් අධ්‍යක්ෂණයෙන් ටෙඩී විද්‍යාලංකාර ද, කතාව දෙබස් හා තිර රචනය ජගත් ගලප්පත්ති විසින් ලියන ලද බඹර වසන්තේ යුනි ලංකා ෆිල්ම්ස් වෙනුවෙන් ටි.ටි. නඩේස් ගේ නිෂ්පාදනයකි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment