රාත්‍රී කෑම කා නිදාගත් පුතා උදෑසන හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙලුණා – පියා කියයි

643

විසි හැවිරිදි සිසුවාගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක්

බළන්ගොඩ දිගදුරේ ප්‍රදේශයේ විසූ විසි හැවිරිදි පාසල් සිසුවකු හදිසියේ මරණයට පත් වීමෙන් පසුව බළන්ගොඩ මූලික රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බැවින් විවෘත තීන්දුවක් ලබාදීමට බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂණ පත්මේන්ද්‍ර විජයතිලක මහතා ඉකුත් 06 දා තීරණය කළේය.

මෙසේ මියගියේ ගම්පොළගේ අයන්ත දාවින්ද ෆොන්සේකා නමැති අ.පො.ස. උසස් පෙළ විභාගයට ඉදිරිපත්ව ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටි සිසුවෙකි. මොහු ඉකුත් 05 දා සිය නිවසේ දී රෝගාතුර වී තිබේ. ඉන්පසු රෝහල්ගත කිරීමෙන් පසු ටික වේලාවකින් මරණයට පත්වී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබාදුන් මියගිය සිසුවාගේ පියා වූ ජී. ඩබ්ලිව්. නන්දන ෆොන්සේකා මහතා පැවසුවේ, “මියගොස් සිටින්නේ අපේ පවුලේ වැඩිමහල් පුතායි. ඔහු පෙරදින රාත්‍රියේ කෑම කා නිදා ගත්තා. උදේ පහට පමණ හුස්ම ගැනීමේ අපහසුතාවක් පෙන්වූ නිසා වහාම රෝහල්ගත කළා.” පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී විශේෂඥ වෛද්‍ය අයි. එම්. රත්නායක මහත්මිය විසින් සිදුකර මෙම සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කළාය. බළන්ගොඩ පොලිසියේ පො.කො. (76554) ජේ. කේ. ජයසිංහ මහතා සාක්ෂි මෙහෙයවීය.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment