උතුරු ඊශ්‍රායලය සඳහා පිහිටුවන ලද නව නිර්වේතනික කොන්සල් කාර්යාලය හයිෆාහිදී විවෘත කෙරේ

66

උතුරු ඊශ්‍රායලය සඳහා පිහිටුවන ලද නව නිර්වේතනික කොන්සල් කාර්යාලය ඉකුත් 03 වැනිදා උතුරු ඊශ්‍රායලයේ ප්‍රධාන වරාය හා වෙළෙඳ නගරය වන හයිෆා හි දී විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ප්‍රොටෝකෝල් ප්‍රධානි තානාපති ගිල් හස්කල් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඊශ්‍රායල තානාපති හා වත්මන් හයිෆා වරායේ සභාපති ආචාර්ය රොන් මල්කා, ආර්කියා ගුවන් සමාගමේ හිටපු සභාපති ගාදි ටෙපර් සහ නව කොන්සල්, ආචාර්ය ඇනට් බන්ස්ටයින් රීච් යන මහත්වරු ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ද සහභාගී වූහ.

උතුරු ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 2000කට අධික පිරිසක් ජීවත් වෙති. හයිෆා නගරය යනු යුදෙව් සංස්කෘතිය සහ උරුමයන් ලොවට ප්‍රදර්ශනය කරන ප්‍රධාන වරාය නගරය සහ ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානය මෙන්ම රට තුළ හොඳින් ස්ථාපිත කාර්මික කලාපයකි.

advertistmentadvertistment
advertistmentadvertistment