ක්‍රිකට් විඳීම සහ විඳවීම…

852

පාකිස්තාන ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අසිෆ් අලී සහ එම කඩුල්ල දවා ගත් ඇෆ්ගනිස්තානයේ ෆරීඩ් අහමඩ් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අයුරු …

ක්‍රිකට් විඳීම සහ විඳවීම...

පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පෙරේදා (07 වෙනිදා) සාජා ක්‍රිකට්  ක්‍රීඩාංගණයේදී පැවැති තරගය අතරතුර පකිස්තාන ක්‍රීඩක අසීෆ් අලී ඇෆ්ගනිස්තාන පන්දු යවන ක්‍රීඩක ෆරීඩ් අහමඩ් ට සිය පිත්තෙන් පහර දීමට සැරසෙන අයුරුද ඉන් අනතුරුව දෙරටේ ප්‍රේක්ෂකයන් එකිනෙකා ට පහර දී ගන්නා අයුරුද දක්නට ලැබිණි.

ක්‍රිකට් විඳීම සහ විඳවීම...
තරගයෙන් අනතුරුව දෙරටේ ප්‍රේක්ෂකයන් ගැටුණු අයුරු…

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 130ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කණ්ඩායමේ 19 වෙනි පන්දු වාරයේ පස් වෙනි පන්දුවට ෆරීඩ් අහමඩ් හමුවේ දැවී ගිය අසීෆ් අලී පන්දු යවන්නාට එසේ පිත්තෙන් පහර එල්ල කිරීමට උත්සාහ ගත්තේය.

ක්‍රිකට් විඳීම සහ විඳවීම...

ඒ සමගම එතනට පැමිණි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් ඔවුන් දෙදෙනා අතර ඇති වීමට ගිය ගැටුම සමථයකට පත් කළ අතර තරගයෙන් අනතුරුව ඒ පිළිබඳව සමාව ඉල්ලීමටද අසීෆ් අලී කටයුතු කර තිබුණි.

19 වෙනි පන්දු වාරයේ හතර වෙනි පන්දුවට හයේ පහරක් එල්ල කළ අසීෆ් අලී ඊළඟ පන්දුවේදී ෆරීඩ් හමුවේ දැවී යෑමෙන් පසුව එම කඩුල්ලේ දැවී යෑම අසීෆ් අලී ගේ මුහුණ සමීපයටම පැමිණ ආවේගශීලිව සැමරීමට යෑමේදී ඉන් උරණ වූ අසීෆ්  ඔහු ට පහර දීමට සැරසුණි.

අනතුරුව අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 11 පකිස්තානය අංක 10 පිතිකරු නසීම් ශා එම පන්දු වාරයේ මුල් පන්දු දෙකටම හයේ පහර දෙකක් එල්ල කිරීමෙන් ලබා ගත් අතර ඒ සමගම පකිස්තානයට අවසන් මහ තරගයට පිවිසීමටද අවස්ථාව උදා විය.

ඇෆ්ගනිස්තානය ට ඒ සඳහා තිබුණු අවසන් බලාපොරොත්තුවද ගිලිහී ගීයේය.

තමන් අතේ තිබුණු තරගයක් එසේ පරාජය වීමෙන් අනතුරුව එහිදී කුපිත වූ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන්  ප්‍රේක්ෂකාගාරවල තිබූ ආසන ගලවමින් ඒවායින් සහ අතට අසුවන හැම දෙයකින්ම ඒ අසල සිටි පකිස්තාන නරඹන්නන්ට පහර එල්ල කිරීමට පටන් ගත්හ.

ඉන් ඇතැමෙක් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඇතැමෙක් ආරක්ෂාව පතා දිව ගියහ. අවසානයේ ආරක්ෂක අංශ පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගන්නා අයුරු දක්නට ලැබුණද පරාජය දරා ගන්නට නොහැකි වූ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන්ගේ ආවේගය නම් ඉන් නතර වූ බවක් නොපෙනිණි.

කුෂාන් සුබසිංහ සාජා සිට

advertistmentadvertistment
advertistmentadvertistment