කුණු මාළු කන්ටේනර් 25 ක් වරායෙන් පන්නලා!

268

කොළඹ වරායේ ගබඩා කර ඇති මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කන්ටේනර් 98 න් කන්ටේනර් 25 ක් පමණ මේ වනවිට වරායෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

විදෙස් රටකට අයත් නෞකාවක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා කොළඹ වරායට එම නැව රැගෙනවිත් අලුත්වැඩියා කර ඇතත් නැව තුළ පැවැති මත්ස්‍ය කන්ටේනර් 98 ක මසුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු නිසා වරායේ ගබඩා කර තිබූ බවද එම ආරංචි මාර්ග කියා සිටී.

මෙම කන්ටේනර් 98 තුළ මසුන් කිලෝ ලක්‍ෂ 25 කට වැඩි ප්‍රමාණයක් පවතින බවත්, මෙම මසුන් වරායෙන් පිටතට රැගෙන ගොස් සැමන් ටින කිරීමට හෝ කරවලවලට වේලීමේ සූදානමක් පවතින බවත් පැවසේ.

වරායෙන් පිටකරන ලද කන්ටේනර් කිහිපය කොළඹට ආසන්න ස්ථානයක ගබඩා කර තිබෙන බවට වාර්තා වන බවත්, ඒවා සත්ව ආහාර ලෙස ප්‍රයෝජනයට ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එම ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment