යුක්තියට දින 20 යි: 28520 ක් අත්අඩංගුවේ

74

යුක්තිය මෙහෙයුම ආරම්භ කර දින 20 ක් ගත වෙද්දී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට මත්ද්‍රව්‍ය භාවිතයට සහ විවිධ අපරාධවලට සම්බන්ධ මෙන්ම සැකකටයුතු පුද්ගලයන් 28520 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.

මෙම සැකකරුවන් අතර මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලේඛනගත ලැයිස්තුවේ නම සඳහන් ජාවාරම්කරුවන් 2303 දෙනකු ද සිටින බව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 1434 දෙනකු රඳවා තබා ගැනිමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන අතර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ 1603 දෙනකු පුනරුත්ථාපන කඳවුරුවලට යොමුකර ඇත.

මේ අතර යුක්තිය මෙහෙයුම යටතේ මේ වන විට හෙරොයින් කිලෝග්‍රෑම් 70 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් ද, ගංජා කිලෝ 340 ක් ද, ඈෂ් කිලෝ 35 ක් ද, මත්පෙති 79147 ක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment