ඇෆ්ගනිස්තානයට මුහුණදෙන ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කරයි

216

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මැද පෙළ පිතිකරු සහන් ආරච්චිගේ ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ඇතුළත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 13කි. ඊට ජාතික කණ්ඩායම නියෝජනය කළ නිෂාන් මධුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු, දුෂාන් හේමන්ත සහ චාමික කරුණාරත්න ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

තරග 5කින් යුත් ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය හෙට (28දා) පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව දෙවැනි සහ තෙවැනි එක්දින තරග මෙම මස 30 සහ මැයි මස 3 වැනිදා පැවැත්වෙනු ඇත. සිවු වැනි එක්දින තරගය මැයි මස 5 වැනිදාත් පස්වැනි සහ අවසන් එක්දින තරගය මැයි මස 7 වැනිදාත් පැවැත්වීමට සැළසුම් කර ඇති බව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබිණි. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අතර තරග 5කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර තිබීමද ද විශේෂත්වයකි.

මේ අතර ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන සිවු දින ක්‍රිකට් තරගය මැයි මස 11 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ කොළඹ පී. සරා ඕවල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය – සහන් ආරච්චිගේ (නායක, ලහිරු උදාර, මිනෝද් භානුක, නිෂාන් මධුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, දුෂාන් හේමන්ත, වනුජ සහන්, නිමේෂ් විමුක්ති, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, මොහොමඞ් සිරාෂ්

ලසිත සන්දීප

advertistmentadvertistment
advertistmentadvertistment