නැවත සමීක්‍ෂණයෙන් 1343කගේ සා. පෙළ ප්‍රතිඵල වෙනස් වෙයි

203

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත අයැදුම්කරුවන් 1343කගේ ප්‍රතිඵල වෙනස් වී ඇත. එය සියයට එකක ප්‍රතිශතයක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා 118,485ක් අයැදුම් කළ අතර නැවත සමීක්ෂණ ප්‍රතිඵල පෙරේදා (04දා) මධ්‍යම රාත්‍රියේදී නිකුත් විය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.resulte.exams.gov.lk යන වෙබ් අඩවි හරහා නැවත සමීක්ෂණ ප්‍රතිඵළ ලබාගත හැක.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment