කථානායකට විශ්වාසභංගයක් – රංජිත් මද්දුමබණ්ඩාර කියයි

247

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) පැවසීය.

ඔහු මන්ත්‍රී වරප්‍රසාද කඩ කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරනෙක්. එබැවින් මෙම යෝජනාව ගෙන එන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර ක්‍රිකට් ආයතනයට එරෙහිව පැවැති විවාදයේදී ඡන්දයක් ලබා නොදීමට ක්‍රියා කිරීම සම්බන්ධව කථානායකට එරෙහිව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට ලිපි යවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

කථානායකවරයාගේ පුත්‍රයාට රජයේ ඉහළ තනතුරක් ලබා දී ඇති බවත් එබැවින් ඔහු ආණ්ඩුවට මෙලෙස පක්ෂපාතීව හැසිරෙන බවත් ඔහු සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment