ආයෝජන නැවත ගේන්නට ජනපති ප්‍රතිපත්ති මුල්වෙලා – බිනර ජයවර්ධන

49

රට අතහැර වෙනත් රටවල ආයෝජන අවස්ථා සඳහා පිටත්ව ගිය ව්‍යාපාර යළි මෙරටට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික හා ස්ථාවර රටකට අවැසි දැක්ම දැන් හේතුවී ඇතැයි ඊයේ (01දා) සිරිකොත හි පැවති එජාප මාධ්‍ය හමුවේදී කඩුවෙල එජාප ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන පැවසීය.

අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව දේපළ අත්පත් කර ගැනීමේ නීතිමය ප්‍රතිපාදන ද ලැබෙන පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් අත්හිටුවීමට ජනාධිපතිවරයා ක්‍රියාකර තිබෙනවා. ව්‍යවසායකයින් ආරක්‍ෂා කිරීමට ප්‍රමුඛතාවකින් රජය කටයුතු කරනවා. ආසියානු සංවර්ධන බැංකුව හරහා කෝටි 2000කට අධික ප්‍රමාණයක් අයවැයෙන් වෙන් කර ඊට කැබිනට් අනුමැතියත් ලැබිලා. හැත්තෑ හතේ ඇතිවුණ ආර්ථික වෙළෙඳ කලාප මෙන්ම අපිට ලැබුණ ඨීඡ ප්ලස් සහනය විශාල ශක්තියක් වුණා. 1993/94 ට පසුව නැතිවෙච්ච යුගය නැවත ගේන්න බැරි වුණත් ඒ වෙනුවෙන් අපි අඩිතාලම දමනවා’ උරුමය යටතේ ලක්‍ෂ 20කට සින්නක්කර ඔප්පු ලබාදීමත් සිදුවෙනවා. මේ සියල්ල රට හා මතු පරපුර වෙනුවෙන් යැයි ද ඔහු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment