චන්ද්‍රිකා යළිත් ශ්‍රීලනිපයට

262

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රීලනිපය කියා සිටී.

ඒ අනුව ඇයගේ නැවත පැමිණීම බොහෝදුරට ලබන සතියේදී සිදු කෙරෙනු ඇතැයි එම පක්ෂය කියා සිටින අතර ශ්‍රීලනිපය විසින් හෙට (08දා) සංවිධානය කරනු ලබන දිවංගත බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරු උත්සවයට ද ඇය සහභාගි වීමට නියමිතය.

එම ගුණානුස්මරණ උත්සවයෙන් පසුව ශ්‍රීලනිපයේ විධායක සභාව ද රැස්වීමට නියමිත අතර එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නැවත පැමිණීම අනුමත කිරීමට නියමිත බව ද එම පක්ෂය වැඩිදුරටත් කියා සිටී.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment