නව ව්‍යවසායකයන් 1000ක් සවිබලගන්වයි

54

2024 නව වසර කර්මාන්ත වසරක් බවට පත්කර ගනිමින් ජාතික මට්ටමින් නව ව්‍යවසායකයන් දහසක් සවිබල ගැන්වීමට කර්මාන්ත අමාත්‍යාංශයේ නව ව්‍යාපෘතියක් මගින් සැලසුම් කර ඇත.

මෙම නව ව්‍යාපෘතිය ‘4 අයි’ ව්‍යාපෘතිය ලෙස නම් කර ඇත. මේ අතරින් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තෝරාගත් කර්මාන්තකරුවන් අතර පවර් ලයින් සමූහ ව්‍යාපාරයේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම පසුගිය (04 දා) කඩුවෙල බෝමිරිය පවර් ලයින් කර්මාන්තශාලා පරිශ්‍රයේ සිදුවිය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ මහතා සහ පවර් ලයින් සමූහ ව්‍යාපාරයේ අධිපති ෂෙහාන් ජයවර්ධන යන මහත්වරුන් අතින් එම ව්‍යාපාරයේ නව වෙබ් අඩවිය විවෘත කළ අවස්ථාවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment