ශමාර් තම රටට අයිසීසී වාර්තාවක් ගෙන එයි

401

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 වසරේ සිට හඳුන්වා දෙනු ලැබූ මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝශප් සමත් වී ඇත.

ඒ අනුව 2024 ජනවාරි මාසය සඳහා වන ක්‍රීඩකයාගේ සම්මානයට හිමිකම් කියමින් ශමාර් එම වාර්තාවට හිමිකම් කියා තිබේ.

ඔස්ටේ්‍රලියාව සමග පසුගිය මාසයේදී පැවති ටෙස්ට් තරගාවලියේදී ශමාර් විසින් පන්දුවෙන් සහ පිත්තෙන් දැක්වූ දස්කම් එම සම්මානයට හේතු වී ඇත. ඔස්ට්‍රේලියාව සමග පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ශමාර් සිය මංගල පන්දුවෙන් ම ස්ටීව් ස්මිත් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර මංගල ටෙස්ට් ඉනිමේ දී ම කඩුලු 5 ක් දවා ගත්තේය.. දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ කඩුලු 7ක් බිඳ දමා ඔස්ටේ්‍රලියාවට එරෙහිව ඉතිහාසගත ටෙස්ට් ජයග්‍රහණයක් ලැබීමට උරදුන් ශමාර් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානය ද ඔහුගේ නම ඉදිරියේ සටහන් කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment