චක්‍රලේඛය අහෝසි කළ යුතු නෑ: වර්ජනයට මුහුණ දීමට ලෑස්තියි – සෞඛ්‍ය ලේකම්

457

සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසයි.

ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව නිකුත් කර ඇති බවත් එම නිසා එම චක්‍රලේඛය අහෝසි කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් වී අනුගතව කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය.

හෙට (03 වැනිදා) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළහොත් ඒ තත්ත්වයට මුහුණදීමට සූදානමින් සිටින බවද සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment